ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චැම්පියන් කුසලානය; නායක උපනායක නොමැති සටනක්
.
දැන් එංගලන්තයේ පැවැත්වෙන 'චැම්පියන් කුසලාන- 2017' තරඟාවලියට සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් අභියෝගයකට මුහුණ දී ඇත.
එවැනි තත්වයක් උද්ගත වී ඇත්තේ , තරඟාවලිය ආරම්භ වීමටත් පෙර ශාරීරික ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට මැයි තුන්වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟය අහිමිව සිටියදී ඔහු වෙනුවට නායකත්වය පැවරුණ උප නායක උපුල් තරංගටත් ඉදිරි තරඟ දෙකක් අහිමි කිරීම හේතුවෙනි .
උපුල් තරංග එවැනි තහනමකට ලක් කර තිබෙන්නේ, දකුණු අප්‍රිකාවට එරෙහිව සෙනසුරාදා (මැයි 03)ලන්ඩනයේ 'ඕවල්' ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ දී පන්දු යැවීමේ දී නියමිත කාලය ඉක්මවා කටයුතු කර ඇති බවට ක්‍රිකට් බලධාරීන් විසින් වාර්තා කරනු ලැබීමෙන් අනතුරුවයි.
සෙනසුරාදා (මැයි 03) තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත 'ඕවර්' පනහ යැවීම සඳහා පැය හතරකටත් අධික කාලයක් ගෙන ඇත.
ඒ සඳහා පනවන ලද තහනම හේතුවෙන් උපුල් තරංගට ලබන අටවෙනිදා ඉන්දියාවට සහ දොළොස් වෙනිදා පකිස්ථානයට එරෙහි තරඟ දෙක අහිමි වෙනු ඇත.
තමාට තහනමක් පැනවීමට හේතු වූ දකුණු අප්‍රිකාවත් සමඟ සෙනසුරාදා තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ළකුණු සංඛ්‍යාවක් වාර්තා කරන ලද්දේත් උපුල් තරංග විසිනි.
එම තරඟයේ දී බලාපොරොත්තු සහගත ආරම්භයක් ඇති කරමින් ඔහු ළකුණු පනස් හතක්(57) ලබා සිටියදී උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.
නායකයා හැටියට කටයුතු කළ උපුල් තරංගට පැන වු ඉහත කී තරඟ තහනමට අමතරව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරඟ මුදලින් 60% දඩ මුදලක් ගෙවන මෙන් නියම කරනු ලැබ ඇත.
ආබාධයට ලක්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලබන අටවෙනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟයට සහභාගී විය හැකි තත්වයක සිටින්නේද ? නැද්ද? යන්න තවමත් පැහැදිලි නැත.