අනාචාරයට දඬුවම ගල්ගසා මරා දැමීම

ඡායාරූප මූලාශ්‍රය, AFP
අනාචාරයේ හැසිරුණු බවට චෝදනා ලත් පුද්ගලයෙකු සෝමාලියාවේ අල් ශබාබ් කැරලිකරුවන් විසින් ගල්ගසා මරා දමනු ලැබ තිබේ.
44 හැවිරිදි පුද්ගලයාට එම දඬුවම නියම කරනු ලැබ ඇත්තේ ඉස්ලාමීය අධිකරණයක් විසිනි.
අල් ශබාබ් කැරලිකරුවන් ගල් ගසන්නට පටන්ගෙන ඇත්තේ මොහු කරවටක් වල දැමීමෙන් දැමීමෙන් අනතුරුවය.
සෝමාලියානු බලධරයෙකු කියා සිටියේ මරා දමනු ලැබූ පුද්ගලයාට බිරියන් දෙදෙනෙකු සිටින අතර ඔහු නිසා තවත් කාන්තාවක් ගැබ් ගෙන ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තමා දූෂණයට ලක් කළ බවට එම කාන්තාව පැමිණිලිකර ඇති නමුත් එය ඔප්පු කිරීමට අපහසු බැවින් අනාචාරයේ හැසිරීමේ වරදට එම පුද්ගලයා වරදකරු කර ඇති බව බීබීසී සෝමාලියානු සේවය පැවසීය.
ඔහු මරණයට පත්වන තුරු ගල් ගසන ආකාරය නැරඹීමට සිය ගණනක් පිරිස එම ස්ථානයට රැස්වී සිටියහ.
අල් ශබාබ් කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල මෙවැනි දඬුවම් මීට පෙර ද ක්‍රියාත්මක කර තිබේ.
ස්ත්‍රී දූෂණයක යෙදුණු බවට චෝදනා ලත් නව යෞවනයෙකු ද වසර 2014 දී ගල් ගසා මරා දමන ලදී.
2008 දී තවත් තරුණියකට ගල් ගසා මරා දමන ලද්දේ ඇය අනාචාරයේ හැසිරුණු බවට එල්ලවූ චෝදනා මතය.








