"සමාජ ජාල ඔස්සේ දෙවියන්ට අපහාස කළොත් දඬුවම්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙවියන් වහන්සේට අපහාසවන ආකාරයේ කිසිදු අදහසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කර නොගන්නා මෙන් අනතුරු අඟවමින් පාකිස්තාන ආණ්ඩුව දස ලක්ෂ සංඛ්‍යාත රටවැසියන්ට කෙටි පණිවුඩ යවා තිබේ.
එවැනි පණිවුඩ ප්‍රසිද්ධියේ හුවමාරු කරගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආණ්ඩුවේ පාලනය යටතේ පවතින විදුලි සංදේශ අධිකාරිය විසින් යවන ලද කෙටි පණිවුඩයේ සඳහන් වේ.
එවැනි පණිවුඩ හුවමාරුවන අවස්ථාවල එයට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස තමන්ට දැනුම් දෙන මෙන් ද ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාම් දහමට අපහාස කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදකි.
ආණ්ඩුවේ මෙම කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති.
ඝාතනයක්


මුස්ලිම් පූජකයන්ගේ පෙළඹවීම් මත කල්ලි ගැසුණු පිරිස් විසින් පුද්ගල ඝාතන සිදු කරනු ලැබීම පාකිස්තානයේ බොහෝ විට දක්නට ලැබෙන්නකි.
ඉස්ලාම් දහමට නිගරු කළ බවට චෝදනා ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු, පසුගිය අප්‍රේල් මාසයේ එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයන් විසින් මරා දමනු ලැබීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය වසා දැමීමට සිදුවිය.
උතුරු පාකිස්තානයේ මර්දාන් නගරයේ පිහිටි එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් පිරිසක් අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණි.









