සිරියාවේ පුංචි ජස්ටින් ට්රූඩෝ

Afraa Bilan holding baby Justin Trudeau - May 6 2017

ඡායාරූප මූලාශ්‍රය, Afraa Bilan

ඡායාරූප ශීර්ෂ වැකිය, අෆ්රා බිලාන් කුඩා ජස්ටින් ට්රූඩෝ සමග

මුහම්මද් සහ අෆ්රා බිලාන් කැනඩාවට පැමිණියේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

අලුත් රටක ආගන්තුකයන් වූ බිලාන් යුවල සිය දරු මල්ලන් සමග අලුත් ජීවිතයක් ආරම්භ කළහ.

සිරියාවේ දමස්කස් නගරයේ සිට පැමිණි බිලාන් යුවල තම දියණිය නායා සහ පුතු නයෙල් සමග මොන්ට්‍රියල් නගරය වෙත පැමිණියේ සීත සෘතුවේදීය.

සෙසු සිරියානු සරණාගතයන් පිළිගැනීම සඳහා කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ ගුවන් තොටුපල වෙත පැමිණියත් බිලාන් යුවල පිළිගැනීම සඳහා ඔහු එහි නොසිටියේය.

නමුත් කුමන හෝ ආකාරයකින් අගමැති ට්රූඩෝ වෙත ස්තුති කිරීමට බිලාන් යුවල එදින අදිටන් කර ගත්හ.

line
line

සිය පවුලට අලුතින් එක් වූ අමුත්තාට ජස්ටින් ට්රූඩෝ ලෙස නම් තැබීමට බිලාන් යුවල කටයුතු කරන්නේ ඒ අනුවය.

යුද බිය මැද

Muhammad Bilan holding baby Justin Trudeau - May 2017

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Muhammad Bilan

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහම්මද් බිලාන් අලුත උපන් පුතු සමග
Close-up of baby Justin Trudeau Adam Bilan - May 2017

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sam Nammoura

ඡායාරූප ශීර්ෂ වැකිය, ජස්ටින් ට්රූඩෝ ඇඩම් බිලාන්

බිලාන් පවුලේ අලුත් නිවහන වූ කැල්ගරි නගරයේ දී ජස්ටින් ට්රූඩෝ ඇඩම් බිලාන් පසුගිය බ්‍රහස්පතින්දා මෙලොව දුටුවේය.

දමස්කස් නගරයේ කරණවෑමියෙකු ලෙස සේවය කළ මුහම්මද් ගේ දැන් වයස අවුරුදු විසි නවයකි.

සිරියානු හමුදාවේ ඉලක්කයක් බවට පත් වූ ඔහු වරක රැඳවුම් භාරයට පත් විය.

පසුව මුහම්මද් නිදහස් කෙරුණු නමුත් තම ජීවිතයට අනතුරක් පවතින බව ඔහුට වැටහුණි.

line
line

ජස්ටින් ට්රූඩෝ කැනඩාවේ අගමැති ධුරයට පත් වීමත් සමග සිරියානු සරණාගතයන් එරටට භාර ගන්නා බව බිලාන් යුවල වෙත දැනගන්නට ලැබෙන්නේ ඒ අතරතුරදීය.

"ට්රූඩෝ හොඳ මනුස්සයෙක්"

Canada's Prime Minister Justin Trudeau speaks to the media at the end of a two-day cabinet retreat in Calgary, Alberta, Canada on 24 January 2017.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ

කුඩා ජස්ටින් ට්රූඩෝ දිනෙක අගමැති ට්රූඩෝ මුණ ගැසෙනු ඇති බව බිලාන් යුවලගේ විශ්වාසයයි.

"ඔහු හරිම හොඳ මනුස්සයෙක්" මව අෆ්රා පවසන්නීය.

"ඔහු අපිට ගොඩක් උදව් කළා. අපිව කැනඩාවට ගෙන ආවට මෙය ඔබට කරන කුඩා ස්තුතියක්. ඔබටත්, සියලුම කැනේඩියානුවන්ටත් ස්තුති කිරීමට අපට අවශ්‍යයි" ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ට්‍රම්ප් සහ විධායක නියෝග

ජස්ටින් ට්රූඩෝ කැනඩාවේ අගමැති ධුරයට පත් වීමෙන් අනතුරුව 2015 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ ජනවාරි දක්වා සිරියානු සරණාගතයන් හතළිස් දහසකට අධික පිරිසක් කැනඩාවේ යළි පදිංචි වී තිබේ.

පසුගිය ජනවාරි මාසයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් විධායක නියෝගයකට අත්සන් තැබීය.

එවක අදහස් දක්වමින් කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ කියා සිටියේ "වධහිංසා, ත්‍රස්ත සහ යුද බිය දැනෙන පුද්ගලයන්ට" ආධාර කිරීම සඳහා සිය ආණ්ඩුවේ වන කැපවීම තවදුරටත් එලෙසෙම පවතිනු ඇති බවය.