ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දලයි ලාමාට ආධාර කරන බවට චීන ආණ්ඩුවේ නිලධාරීන්ට චෝදනා
ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී ඇත.
එම චෝදනාව එල්ල කරනු ලැබ තිබෙන්නේ චීන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසිනි.
1959 දී ටිබෙට් දේශයෙන් පළාගිය දලයිලාමා එදා පටන් ඉන්දියාවේ ධර්මශාලා නගරයේ ආශ්‍රමයක ජීවත් වෙයි.
දලයි ලාමාට මුදල් ආධාර පිරිනැමීම සහ ඔත්තු සැපයීම මගින් සමහර නිලධාරීන් බෙදුම්වාදය ශක්තිමත් කරන්නේ යයි චීන පාලනය සහිත ටිබෙට් දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වැන්ග් යොන්ග්ජුන් ප්‍රකාශ කළ බවක් මුල්පෙළේ පුවත්පතක් මගින් වාර්තා කරනු ලැබ ඇත.
එහෙත් දලයි ලාමාට මුදල් පරිත්‍යාග කරන නිලධාරීන් කිසිවකු නමින් සඳහන් කරනු ලැබ නොමැත.
ටිබෙට් දේශය චීනයෙන් වෙන් කිරීම සඳහා ක්‍රියා කරන බවට බේජිං පාලනය දලයි ලාමාට චෝදනා කරයි.
එහෙත් ටිබෙට්වාසීන්ට අවශ්‍ය කරන්නේ පූර්ණ නිදහසක් නොව ප්‍රාදේශීය ස්වයංපාලන බලතල පමණක් යයි දලයි ලාමා කියාසිටියි.