ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දලයි ලාමා-ඔබාමා හමුවට චීනයේ විරෝධය
ජනාධිපති බරක් ඔබාමා සහ ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමා අතර හමුවක් සැලසුම් කෙරෙමින් පවතිද්දී චීනය ඊට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපති ඔබාමා සහ දලයි ලාමා අද (15) සවස ධවල මන්දිරයේ දී හමු වීමට නියමිතයි.
එය 'පෞද්ගලික හමුවක්' ලෙසයි ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙන්නේ.
චීනයෙන් නිදහස් වීමට අවශ්‍ය කරන ටිබෙට් දේශයේ බෙදුම්වාදී බලවේග වලට එවැනි හමුවක් මගින් වැරදි පණිවුඩයක් සැපයෙන බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලු කැන්ග් (Lu Kang) කියා සිටියේ.
ඔබාමා - දලයිලාමා හමුව වාර්තාකරණය සඳහා සහභාගී වීමට ජන මාධ්‍යයට අවසර නොදීමට ධවල මන්දිරය මේ අතර තීරණය කර ඇත.
චීනය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරක්ෂා කර ගැනීමේ උපායක් වශයෙනුයි එවැනි තහංචියක් පනවනු ලැබ තිබෙන්නේ