ප්‍රතිජීවක එන්නත් නැතිනම් ළමා සුබසාධනයෙන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අත්‍යවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබා නොගත් දරුවන් රජයේ ළමා සුබසාධන මධ්‍යස්ථාන සහ පෙර පාසල්වලට ඇතුළත් කර ගැනීමෙන් වැළකී සිටීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කරමින් සිටී.
මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත එම නීතිය ක්‍රියාත්මක කරමින් සිටින නමුත් අගමැති මැල්කම් ටර්න්බුල්ගේ යෝජනාව වී තිබෙන්නේ මුළු රටටම බලපැවැත්වෙන පරිදි නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමය.
දෙමව්පියන්ට සහ ජනසමාජයට දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන බව පවසන සෞඛ්‍ය සංවිධාන රජයේ මෙම සැලසුමට සහය දක්වති.
දෙමව්පියන්ගෙන් 5% ක ප්‍රමාණයක් සිය දරුවන්ට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබා නොදෙන බව, ඕස්ට්‍රේලියානු ළමා සෞඛ්‍ය ආයතනය විසින් දෙමව්පියන් දෙදහසක් පමණ සහභාගී කරවාගෙන ක්‍රියාත්මක කරනු ලැබූ සමීක්ෂණයක දී හෙළිදරව් විය.
මෑතක දී කක්කල් කැස්ස උත්සන්න වීමෙන් ඕස්ට්‍රේලියානු දරුවකු මිය යාමේ සිදුවීම සිහි කළ අගමැති මැල්කම් ටර්න්බුල් කියා සිටියේ දරුවන්ගේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව පවතින බවය.
දරුවන්ට ප්‍රතිජීවක එන්නත් ලබා දීම ඕස්ට්‍රේලියානු නීතියෙන් අනිවාර්ය කර නැති නමුත්, සිය දරුවන්ට අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් ලබා නොදෙන දෙමව්පියන්ට රජයේ ළමා සුබසාධන වැඩපිළිවෙලින් ලැබෙන ප්‍රතිපාදන අහිමි වී යනු ඇත.




