වර්ජන අභිබවා ඉවන්කා ට්‍රම්ප් විලාසිතා අලෙවිය වැඩිවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කා ට්‍රම්ප් ඇයගේ නාමයෙන් නිෂ්පාදනය කරනු ලබන විලාසිතා අලෙවිය පස්ගුණයකින් ඉහළගොස් ඇති බව එම වෙළෙඳ සමාගම පවසයි.
'ඉවන්කා ට්‍රම්ප්' මෝස්තර නිෂ්පාදන මෙතරම් ජනප්‍රිය මට්ටමක පවතින බව ඇස්තමේන්තු කර තිබෙන්නේ, ඇයගේ විලාසිතා ඇතැම් ඇමරිකානු වෙළඳසැල් වර්ජනය කරනු ලැබ ඇති අතරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය මාසයේ ඇමරිකානු ඇඳුම් වෙළඳසැල් කීපයක් ඉවන්කා ට්‍රම්ප් විලාසිතා වර්ජනය කළේ ඇයගේ මෝස්‌තරවල විකුණුම් පහත බැස ඇති බව පවසමිනි.
ලන්ඩන් නුවර මූලස්ථානය කරගත් විලාසිතා විකුණුම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන 'ලීයිස්ට්' (Lyst) ඉදිරිපත් කරන තොරතුරු අනුව මේ වසරේ ජනවාරි -පෙබරවාරි කාලය තුළ එම විලාසිතා අලෙවිය 346% කින් ඉහළ ගිය අතර, පසුගිය වසරේ අලෙවියේ සාමාන්‍යය සමඟ සාපේක්ෂකව බලන විට මේවසරේ අලෙවියේ 577%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
ඇමරිකානු වෙළඳපොලේ වර්ජනයකට ලක් වූ විලාසිතා සන්නාමයක් මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ඉහළ ප්‍රචලිත භාවයක් දිනා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය මවිතය පළ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ඉවන්කා ට්‍රම්ප්' විලාසිතා පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් දැක්වූ අදහස් මුල්කර ගනිමින් ඇති වූ දේශපාලන විවාදය එහි අලෙවිය වැඩිවීමට හේතු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව ඉවන්කා ට්‍රම්ප් විලාසිතා ව්‍යාපාරයේ සභාපතිනිය පවසයි.
මේ අතර, ඉවන්කා ට්‍රම්ප් විලාසිතා සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කෙරුණු සුවඳ විලවුන් වර්ගය මේවන විට ඇමර්සන් වෙළඳ වෙබ් අඩවියේ ඉහළම විකිණුම් වාර්තා තබමින් ඉදිරියට පැමිණ ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් හිතවාදීන් එම විලවුන් වර්ගය සම්බන්ධයෙන් වෙබ් අඩවි මගින් ධනාත්මක අදහස් පළ කරති.






