බිරින්දෑවරුන් 86යි ; 93 දී මිය යයි

බාබා මසාබා නමින් ප්‍රකට මොහොමඩ් බෙලෝ අබුබාකර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බාබා මසාබා නමින් ප්‍රකට මොහොමඩ් බෙලෝ අබුබාකර්

නයිජීරියාවේ බිරින්දෑවරු අසූ හය දෙනෙකුට සැමියා වූ මුස්ලිම් ධර්මදේශකයෙකු අනූ තුන්වන වියේ දී මිය යයි.

රෝගාතුරව සිටි බාබා මසාබා නමින් ප්‍රකට මොහොමඩ් බෙලෝ අබුබාකර් මධ්‍යම නයිජීරියාවේ සිය නිවසේදී පසුගිය සෙනසුරාදා (ජන. 28) මිය ගියේය.

කෙසේ වෙතත් නයිජීරියාවේ ඩේලි ට්‍රස්ට් පුවත්පත වාර්තා කළේ බිරින්දෑවරු අසූ හය දෙනෙකු සිටීම සම්බන්ධයෙන් 2008 වසරේ විශාල මාධ්‍ය ආකර්ෂණයක් හිමිකරගත් බාබා මසාබාට මිය යන විට බිරින්දෑවරු එකසිය තිහක් සිටි බවය.

බිරින්දෑවරුන් 86යි ; 93 දී මිය යයි

ඉන් ඇතැම් බිරින්දෑවරු මේ වන විට ගර්බනී තත්වයේ පසු වන බවද වාර්තාවේ සඳහන් වේ.

මිය යන විට බාබා මසාබාට දරුවන් එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක් සිටි බව පවසන ඩේලි ට්‍රස්ට් පුවත්පත වැඩි දුරටත් කියා සිටියේ ඊට අමතරව දරුවන් දෙසිය තුනක පිරිසකට පීතෘභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවය.

කෙසේ වෙතත් නයිජීරියාවේ ඩේලි ට්‍රස්ට් පුවත්පත වාර්තා කළේ බිරින්දෑවරු අසූ හය දෙනෙකු සිටීම
ඡායාරූප ශීර්ෂ වැකිය, 2008 වසරේ බීබීසී සේවය විසින් සිදු කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ බාබා මසාබාගේ බිරින්දෑවරු

2008 වසරේ බීබීසී සේවයට බිරින්දෑවරු සිය ජීවිත අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ සිය ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබා ගැනීමට තමන් බාබා මසාබා වෙත ගිය අතර ඔහු සිය ලෙඩ රෝග සුව කළ බවය.