ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිරින්දෑවරුන් 86යි ; 93 දී මිය යයි
නයිජීරියාවේ බිරින්දෑවරු අසූ හය දෙනෙකුට සැමියා වූ මුස්ලිම් ධර්මදේශකයෙකු අනූ තුන්වන වියේ දී මිය යයි.
රෝගාතුරව සිටි බාබා මසාබා නමින් ප්‍රකට මොහොමඩ් බෙලෝ අබුබාකර් මධ්‍යම නයිජීරියාවේ සිය නිවසේදී පසුගිය සෙනසුරාදා (ජන. 28) මිය ගියේය.
කෙසේ වෙතත් නයිජීරියාවේ ඩේලි ට්‍රස්ට් පුවත්පත වාර්තා කළේ බිරින්දෑවරු අසූ හය දෙනෙකු සිටීම සම්බන්ධයෙන් 2008 වසරේ විශාල මාධ්‍ය ආකර්ෂණයක් හිමිකරගත් බාබා මසාබාට මිය යන විට බිරින්දෑවරු එකසිය තිහක් සිටි බවය.
ඉන් ඇතැම් බිරින්දෑවරු මේ වන විට ගර්බනී තත්වයේ පසු වන බවද වාර්තාවේ සඳහන් වේ.
මිය යන විට බාබා මසාබාට දරුවන් එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක් සිටි බව පවසන ඩේලි ට්‍රස්ට් පුවත්පත වැඩි දුරටත් කියා සිටියේ ඊට අමතරව දරුවන් දෙසිය තුනක පිරිසකට පීතෘභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවය.
2008 වසරේ බීබීසී සේවයට බිරින්දෑවරු සිය ජීවිත අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ සිය ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබා ගැනීමට තමන් බාබා මසාබා වෙත ගිය අතර ඔහු සිය ලෙඩ රෝග සුව කළ බවය.