මැලවී යන මලාවි මල් කැකුළු

මලාවි දේශයේ ඇතැම් පළාත්වල වැඩිවියට පත්වන දැරියෝ අසාමාන්‍ය සම්ප්‍රදායික චාරිත්‍රයකට මුහුණ දෙති.

දැරියක් මල්වර වීමෙන් පසු කාන්තාවක් ලෙස උගතයුතු දේ පිළිබඳ දැනුමක් ලබාදීම පිණිස ඇය ඈත ප්‍රදේශයක පැවැත්වෙන පුහුණු වැඩසටහනකට යවනු ලබයි.

පුහුණුවේ අවසන් දිනයේදී චාරිත්‍රය මුවාවෙන් නව යොවුන් තරුණියන් ලිංගික අපයෝජනයට ලක්වුව ද එම පාරම්පරික චාරිත්‍රයට එරෙහි වීමේ හැකියාවක් ඔවුනට නැත.

එහෙත් එම චාරිත්‍රයට එරෙහිව හඬක් නගන නතාෂා ඇනී නම් එක් මලාවි කාන්තාවක් චාරිත්‍රයකට මුවාවී මල්වර වියට පත්වූ දැරියන් ලිංගික අපයෝජනයට ලක්කිරීමට එරෙහිව හඬක් නගමින් සිටින්නීය.

'මමා ඇෆ්රිකා' නම් සංවිධානයක් ගොඩනගාගෙන මලාවි දේශයේ කාන්තා පරපුර ලිංගික හිංසනයෙන් මුදාගැනීම සඳහා කටයුතු කරන නතාෂා පිළිබඳව ඉහත හඬ පටයෙන් සවන්දිය හැකිය.