නියමුවන් රහිත ඇමෙරිකානු මුහුදු යාත්‍රාවක් චීන අත්අඩංගුවේ

චීන නාවික යාත්‍රාවක්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන නාවික යාත්‍රාවක්

සිය මුහුදු තීරය අවට ඔත්තු බැලීමෙන් වළකින ලෙස චීනය ඇමෙරිකා එක්සත් ජනපදයට කියාසිටියි.

මුහුදු පත්ලේ මෙහෙයවන ලද නියමුවන් නොමැති ඇමෙරිකානු යාත්‍රාවක් මුල්කර ගනිමින් දෙරට අතර උද්ගතව පැවතුන මතගැටුමක් එම ප්‍රකාශයත් සමඟ තවත් උත්සන්න විය.

පිලිපීන මුහුදු සීමාවෙන් ඔබ්බේ දී චීන නැවක් මගින් නියමුවන් නොමැති ඇමෙරිකානු යාත්‍රාවක් සිය භාරයට ගැනීමත් සමඟ චීන -ඇමෙරිකානු මතගැටුම ආරම්භ විය.

නියමුවන් නොමැති සයුරු යානයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, නියමුවන් නොමැති සයුරු යානයක්

ඇමෙරිකානු නිරීක්ෂණ නෞකාවක් මගින් එම නියමුවන් නොමැති යාත්‍රාව යළි ඔවුන් භාරයට ගැනීමට නියමිතව පවතින අවස්ථාවේ එය චීන නැවට හසු වූ බව වාර්තා වෙයි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් මගින් අදහස් දක්වන ඇමෙරිකානු ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය ජාත්‍යන්තර මුහුදේ දී නියමුවන් නොමැති ඇමෙරිකානු යාත්‍රාව අල්ල ගනිමින් මින්පෙර සිදු නොකළ ආකාරයේ අනපේක්‍ෂිත පියවරක් ගෙන ඇතැයි පවසයි.

BBC

එම සිද්ධිය අතිශයෝක්තියට නැගීම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ආධාරයක් නොවන බව බේජිං පාලනය පෙන්වා දෙයි.

වසර ගණනාවක් ඇතුළත ඇමෙරිකාව සහ චීනය අතර උද්ගත වූ ඉතා බරපතළ අර්බුදවලින් එකක් ලෙස මෙය සැලකෙයි.