රුපියල් පහළොවක ණයක් නිසා ඉන්දියාවේ යුවලක් මරා දැමේ

Police at the site of the murder
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනවලට විරෝධය දක්වමින් ගම්මානයේ දලිත් ප්‍රජාව මහාමාර්ග අවහිර කරමින් විරෝධතාවයක

ඉන්දීය රුපියල් පහළොවක ණය මුදලක් සම්බන්ධ මතභේදයක් හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පීඩිත දලිත් කුලයට අයත් පුරුෂයකු ගෙල සිඳ මරා දමා, ඔහුගේ බිරිඳත් කපා කොටා මරා දමා තිබේ.

ඉහල යයි සම්මත කුලයකට අයත් කඩ හිමියකු විසින් ඔවුන් ඝාතනය කර ඇති බව පවසන පොලිසිය, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයකට ඉහතදී මිලදී ගත් බිස්කට් වෙනුවෙන් මුදල් ගෙවීම පිණිස තවත් කාලය ලබා දෙන මෙන් දලිත් යුවල කඩ හිමියාගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුවයි, ඔවුන් මරා දමා තිබෙන්නේ.

එම යුවල බ්‍රහස්පතින්දා උදෑසන වැඩට යමින් සිටියදී මරා දමා තිබෙන්නේ මනිපුරි දිස්ත්‍රික්කයේදී.

Members of India"s low-caste Dalit community shouts slogans during a sit in protest against the alleged attack on their community members for skinning a dead cow in Una, in Ahmadabad, India, Friday, July 22, 2016.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුජරාට් ප්‍රාන්තයේ තමන්ට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය දක්වන දලිත් ප්‍රජාව Dalit protesters have protested against atrocities committed against their community in Gujarat

එදින සවස දවසේ වේතනය ලැබීමෙන් අනතුරුව මුදල් ගෙවන බව ඔවුන් පැවසූ අවස්ථාවේ කඩ හිමි අශෝක් මිශ්‍රා සිය නිවසට දුව ගොස් කැත්තක්ද රැගෙන යළි පැමිණි බවයි ඇසින් දුටු ප්‍රදේශවාසියෙක් The Indian Express පුවත්පතට පවසා තිබුණේ.

"එයා භාරත්ව කපාගෙන කපාගෙන ගියා. ඊට පස්සේ තමන්ගේ ස්වාමියා බේරගන්න උත්සාහ කරපු මම්තාටත් කෙටුව. දෙන්නම එතනම මැරුණ."

ඔවුන් දෙදෙනා මරා දැමීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු දලිත් ප්‍රජාව ප්‍රදේශයේ මහාමාර්ග අවහිර කරමින් විරෝධතාවයක යෙදී සිටියහ.