දෙවැනි භූමි කම්පාවෙනුත් නිරිත දිග ජපානයට දැඩි හානි

ඡායාරූප මූලාශ්‍රය, EPA
පුද්ගලයන් පිරිසකට මරු කැඳවමින් සිදු වූ පළමු භූමිකම්පාවට පසු ජපානයේ නිරිතදිග පළාතේ ඇති වූ දෙවන භුමි කම්පාවෙන් දිවි බේරාගත්තවුන් සෙවීමට සහ විපතට පත් පිරිස් වලට සහයවීමට සහන සේවා කණ්ඩායම් යොදවා තිබේ.
රික්ට මාපකයේ 7.3 ක් සටහන් කරමින් සෙනසුරාදා 01.25 (ග්‍රිනිච් වේලාවෙන් සිකුරාදා 15.25 ට) සිදුවූ මෙම භූමිකම්පාව වෙන් විපතට පත් වූවන් ට සහාය වීමට කියූෂූ පළාතේ පමණක් 20,000 කට අධික හමුදා කණ්ඩායමක් යොදා ඇති බවයි වාර්තා වන්නේ
මෙම භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකුවත් මියගොස් ඇති අතර බ්‍රහස්පතින්දා සිදුවූ භූමිකම්පාවෙන් පුද්ගලයන් නම දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
තවත් බොහෝ දෙනෙක් ගොඩනැගිලි සුන් බුන් අතර සිරවී සිටින බවටයි විශ්වාසකෙරෙන්නේ.
මහාමාර්ග වලට දැඩි හානි සිදුවී ඇති අතර විශාල ප්‍රදේශයක නාය යාම් වාර්තා වී තිබේ. ලක්ෂ දෙකකට අධික නිවෙස් සංඛ්‍යාවක විදුලි සැපයුම විසන්ධි වී තිබේ.
වැසි වැටීමට නියමිතව තිබෙන හෙයින් පස් සේදී යාමෙන් තවත් හානි සිදුවීමට ඉඩ ඇති බවටයි බිය පළවන්නේ.
බිඳී ගිය වේල්ලක්
පොලීසියට සහ ගිනි නිවන හමුදාවට සහය වීම පිණිස අමතර හමුදා කණ්ඩායම් ක්යූෂු වෙත යවා ඇති අතර ජපාන කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම් යොශිදා සුගා පැවසුවේ "අපි මේ තත්වයට මුහුණ දීමට හැකි සෑම දෙයක්ම කරනවා" යනුවෙනි.
NHK මාධ්‍ය ආයතනය පවසන්නේ භූමිකම්පාව හේතුවෙන් වේල්ලක් බිඳී යාමෙන් ගම්මානයක පදිංචිකරුවන් පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි.
දෙවන භූමිකම්පාව කුමමොතෝ සිට කිලෝමීටර 10 ක් දුරින් සිදුවූ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ කුමමොතෝ හි සිදු වූ භූමිකම්පාවට වඩා පුළුල් ප්‍රදේශයකට බලපා තිබේ.
කුමමොතෝ දිස්ත්‍රික් නිලධාරියෙකු වන තොමොයුකි තනකා මාධ්‍යයට පැවසුවේ පැයෙන් පැය ගතවෙද්දී මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවයි.
දහස් ගණනක් පිරිස් මහාමාර්ග හා උද්‍යාන වල රාත්‍රිය ගතකළ ඔවුහු පොරෝනා වලින් සිරුරු වසාගෙන භීතියට පත්වී සිටියහ.
වැඩිහිටි නිවාසයක සිටි 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් විශාල පිරිසක් ගොඩනැගිලි සුන් බුන් අතර සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවුවද න්‍යෂ්ඨික බලාගාර වලට කිසිදු හානියක් සිදු වී නැති බවයි සෙන්දායි න්‍යෂ්ඨික බලධාරීන් මාධ්‍යයට පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP PHOTO/DEFENCE MINISTRY/JIJI PRESS

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, Getty Images









