දමිළ දේශපාලන සිරකරුවන් නැවතත් උපවාසයේ

ඡායාරූප මූලාශ්‍රය, Getty
දෙමළ දේශපාලන සිරකරුවෝ නිදහස ඉල්ලමින් නැවතත් ආහාර වර්ජනයක් සිදු කිරීමට සැරසෙමින් සිටින බව වාර්තා වී තිබේ.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් විසි දෙවැනි සඳුදා දහවල් සිට ආහාර වර්ජනය ආරම්භ කර සිටින බවයි පැවසෙන්නේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියේ මෙම උපවාසය ආරම්භ කළේ සිය නඩු විභාග කඩිනම් කර ගැනීමට බව එම සිරකරුවන් තමන්ට දැනුම් දුන් බවයි.

මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ මෙන් ඉල්ලීමක් කර ඇත.
1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුව දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසයි හිටපු මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙන්නේ.
එම ගිවිසුම පැරණි වුවත් එහි සඳහන් කරුණු හා කොන්දේසි දැනටද වලංගු බැවින් ජනාධිපතිවරයාට ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පූර්ණ බලතල ඇති බවද ආනන්ද සංගරී පවසයි.




