ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව පරීක්ෂණයක් නෑ - පොලිසිය

ඡායාරූප මූලාශ්‍රය, Getty
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු පොලිසියට කැඳවනු ලැබුවේ ඔවුන්ට එරෙහි පරීක්ෂණයක් සම්බන්ධයෙන් නොවන බව බලධාරීහු පවසති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිකුරාදා කටඋත්තර සටහන් කරගෙන තිබුණි.
පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන මෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ටද දැනුම් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
කෙසේ නමුත් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට එරෙහිව පොලිස් පරීක්ෂණයක් නොපැවැත්වෙන බවයි, මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතරවාරයේ, තරඟ පාවාදීමට දැරුණු උත්සාහයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පොලිසියට පැමිණිලි කර තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සංචිතයේ සාමාජිකයන් කිහිපදෙනකු පිළිබඳව අමාත්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ක්‍රීඩකයන් තිදෙනාගෙන් කටඋත්තර සටහන් කරගනු ලබන්නේ එම පැමිණිල්ල පිළිබඳව බව පවසන පොලිස් ප්‍රකාශකයා, ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වී නැති බව අවධාරණය කළේය.




