ශ්‍රී ලංකාවේ සුදු වෑන් පැහැර ගැනීම් දැන් නැහැ - රාජිත

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුවත් ශ්‍රී ලංකාවේ තව දුරටත් පුද්ගලයන්ට වධ හිංසා දීම් සිදු කෙරෙන බවට ජාත්‍යන්තර සංවිධානයක් කරන ප්‍රකාශන ශ්‍රී ලංකා ආන්ඩුව විසින් බැහැර කරනු ලබයි.
රට තුළ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් මෛත්‍රීපාල සිරිසේන රජය යටතේත් ආරක්ෂක හමුදාවන් ඇතැම් දමිළ සුළු ජාතිකයන්ට වධ හිංසා දීම් ගැන වාර්තා වෙන බවයි දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් ‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය ප්‍රකාශ කර තිබුණේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ, සුදු වෑන් මගින් සිදු කර ඇති කිසිදු ආකාරයක පැහැර ගැනීමක් හෝ පුද්ගල වධ හිංසාවක් 2015 වසර ඇතුළත අසන්නට නොලැබුණ බවයි.
ඉහත දකුණු අප්‍රිකානු සංවිධානය ශ්‍රී ලංකාවට පැමිණ නැති බව සඳහන් කළ ඇමතිවරයා කවුරුන් විසින් හෝ ඔවුන්ට වැරදි තොරතුරු යොමු කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.
යුද හමුදා ප්‍රතිචාරය

‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය’ ප්‍රකාශ කරන ආකාරයේ දෙයක් සිදු වී ඇත්නම් මාධ්‍ය නිදහස අනුව ඒවා වාර්තා වීමට ඉඩකඩ ඇති බව පවසන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ‘එවැනි එකදු වාර්තාවක් හෝ ශ්‍රී ලංකා ජන මාධ්‍ය මගින් වාර්තා කොට නැති’ බව පවසයි.
සුදු වෑන් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එකම මාධ්‍ය වාර්තාවක් වත් පළ වී නැති බවයි බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ.
දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් ‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය ප්‍රකාශ කර තිබුණේ, තමන් විසින් සාකච්ඡාවට භාජනය කරන ලද පුරුෂයන් පහළොස් දෙනෙක් සහ කාන්තාවන් පස් දෙනෙක් එවැනි වධ හිංසාවන් පිළිබඳව තමන්ට ප්‍රකාශ කළ බවයි.
මාධ්‍ය වාර්තා
ශ්‍රී ලංකා පොලිසියේ හෝ යුද හමුදා බුද්ධි අංශයේ අත්අඩංගුවේ පසු වෙද්දී සමූහ දූෂණ ද ඇතුළුව පීඩාකාරී වධ හිංසාවන්ට ගොදුරු වූ බව එම කණ්ඩායමේ ඇතැමුන් කියා සිටි බවයි, බවයි‘සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Suresh Premachandra
එම තොරතුරු ඉදිරිපත් කළ අයගෙන් වැඩි දෙනා කලින් දමිළ කොටි සංවිධානයේ ප්‍රහාරකයන් වූ බවත් එම සංවිධානය විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයේ දැක්වෙයි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




