මට වග කියන්න බැහැ ඔය එකකටවත් -මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, Getty

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට තමන්ව කැඳවීම දේශපාලන පලිගැනීමක් බවත් එය සියළු දෙනාගේ ‘කාලය කා දැමීමක්’ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු වාර්තාකරුවන් ඉදිරියේ මේ බව කියා සිටියේ ඉහත කී කොමිසම ඉදිරියට පැමිණි අවස්ථාවේ දීයි.

'පලිගැනීමක්'

‘දවසම මෙතන තමයි අපි, වටිනා කාලය. නීතීඥ මහත්වරුන්ගේ කාලයයි, අපේ කාලයයි. මට වග කියන්න බැහැ ඔය එකකටවත්. මාත් එක්ක ගනුදෙනුවක් කරල නැහැ. හැමදාම කැඳවලා. හැබැයි කාලය කන එක තමයි වැඩේ.’

‘මේක මේ දේශපාලන පලිගැනීමක්නේ. ඉතිං මේ පලිගැනීමෙන් එයාල සන්තෝෂ වෙන්න ඕන. නෑවිත් හිටියොත් එයාල සන්තෝෂ වෙන්නේ නැහැ.’ හිටපු ජනාධිපති රාජපක්‍ෂ පැවසීය.

'තවත් යුද්ධයක්'

එම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ සියලු පරීක්‍ෂණ නීත්‍යාණුකූලව සිදු කෙරෙන බවයි.

‘යුද්දෙ ඉවර කළා වගේම මේ වගේ දෙයකුත් රටේ අභිවෘද්ධියට කෙරෙන්න ඕන. මේක වර්තමාන ජනාධිපතිතුමා පටන් ගත්ත තවත් යුද්ධයක් හැටියටයි මම දකින්නේ.’

විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම භාවිතා කරනවා. මේ ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය. නීතියට අනුකූලව, ඒ අයට කල් ඉල්ලන කොට කල් දෙනවා.’ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සංදේශයට පැවසීය.

විමර්ශන අවසානයේ දී රටේ ජනතාවට සියල්ල දැන ගත හැකි බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.