ඒක මන්දිරයක් නෙවෙයි බංකරයක් - මහින්ද

‘පසුගියදා කිව්වා කොටින්ට සල්ලි දුන්නා කියලා. මම අහලා තියනවා කොන්තරත්තුවට මිනී මරණ මිනිස්සු. සල්ලි අර ගෙන මිනී මරණ අය. අහලා නැහැ සල්ලි අර ගෙන මැරෙන මිනිස්සු. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේක.’

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘පසුගියදා කිව්වා කොටින්ට සල්ලි දුන්නා කියලා. මම අහලා තියනවා කොන්තරත්තුවට මිනී මරණ මිනිස්සු. සල්ලි අර ගෙන මිනී මරණ අය. අහලා නැහැ සල්ලි අර ගෙන මැරෙන මිනිස්සු. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේක.’

ජනාධිපති මන්දිරයේ භූගත බංකරයක් ඉදි කිරීමට පියවර ගත්තේ එල්ටීටීඊ තර්ජන හේතුවෙන් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

‘ඒක මන්දිරයක් නෙවෙයි බංකර් එකක්. බංකර් එකක් හදන්න උපදෙස් ලැබුනා. මට විතරක් නෙවෙයි, අපේ ආරක්ෂක රැස්වීම පැවැත්වුවේ. ආරක්ෂක මණ්ඩලයේ හදිස්සිතත්වයකට මුහුණ දුන්නොත් වහාම බංකරය ඇතුලේ ඉඳන් වුනත් ඒ මෙහෙයුම් ඉටු කරන්න පුළුවන් ආකාරයේ බංකරයක්’ හිටපු ජනපතිවරයා කියා සිටියේ කොළඹ අභයාරාමයේ පැවති සාකච්ඡාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

‘මේක ඉස්සරත් තිබුණා, මේක වඩාත් හොදට හැදුවා. අපේ කාලේදී මේක ඊට වඩා වෙනස්. නැව් තිබ්බා. ප්ලේන්ස් ගෙනල්ලා බෝම්බ ගැහුවා. ඉතින් අපි ආරක්ෂක කවුන්සිලේ රැස්වීමක් තියන වෙලාවට ගැහුවනම් මන්දිරේට, එතකොට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. පව් කියලා නිකන් ඉඳියි’

යුද්ධයේ අවසාන දිනවල සිදු වූ බව පැවසෙන සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා එල්ල කළ චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.

"එල්ටීටීඊය සුදු කොඩි අරන් එද්දී ඒවෙලේ එතැන සිටි අණදෙන නිලධාරි තීරණය කළ යුතුයි, මේ එන අය පිළිගන්නවාද? එහෙමත් නැත්නම් මේ කරන්නේ බොරුවක් ද කියලා. නමුත් නියෝගය දුන්නේ එතැනින් නෙවෙයි. නියෝගය දුන්නේ කොළඹින්. ඇයි එහෙම වුණේ? කාවද බේරන්න ඕන වුණේ. අර 2005 නොවැම්බර් මාසේ ඩීල් එක දැම්ම පූලිදේවන්ව බේරන්න වුවමනා වුණා. අපි ඇත්ත කතා කරමු. පුලිදේවන්ව බේරන්න කවුද සල්ලි ගත්තේ?" - අගමැති රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, "එල්ටීටීඊය සුදු කොඩි අරන් එද්දී ඒවෙලේ එතැන සිටි අණදෙන නිලධාරි තීරණය කළ යුතුයි, මේ එන අය පිළිගන්නවාද? එහෙමත් නැත්නම් මේ කරන්නේ බොරුවක් ද කියලා. නමුත් නියෝගය දුන්නේ එතැනින් නෙවෙයි. නියෝගය දුන්නේ කොළඹින්. ඇයි එහෙම වුණේ? කාවද බේරන්න ඕන වුණේ. අර 2005 නොවැම්බර් මාසේ ඩීල් එක දැම්ම පූලිදේවන්ව බේරන්න වුවමනා වුණා. අපි ඇත්ත කතා කරමු. පුලිදේවන්ව බේරන්න කවුද සල්ලි ගත්තේ?" - අගමැති රනිල් වික්‍රමසිංහ

‘පසුගියදා කිව්වා කොටින්ට සල්ලි දුන්නා කියලා. මම අහලා තියනවා කොන්තරත්තුවට මිනී මරණ මිනිස්සු. සල්ලි අර ගෙන මිනී මරණ අය. අහලා නැහැ සල්ලි අර ගෙන මැරෙන මිනිස්සු. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේක.’ ඔහු පැවසීය.

මේ අතර යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම යෝජනාව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ''භයානක නිර්දේශ'' ඇතුළත් වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

‘අපේ රණවිරුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොඳු නාරටිය බිදලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි’ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.