පොලිසිය මූලික අයිතීන් කඩ කරලා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මහින්ද රාජපක්ෂ රජය මාධ්‍ය මර්දනය කරන බවට චෝදනා කරමින් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම තුලින් පොලිසිය මුලික අයිතීන් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
අත්අඩංගුවට පත් දෙදෙනාට රුපියල් 25000 බැගින් වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය.
මාධ්‍ය නිදහස

පෙත්සම්කරුවන් පවසන්නේ මහින්ද රාජපක්ෂ රජය මාධ්‍ය නිදහස මර්දනය කරන බවට චෝදනා කරමින් පෝස්ටර් අලවමින් සිටියදී දෙමටගොඩ පොලිසිය මගින් තමන් අත් අඩංගුවට ගත් බවයි.
තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලේ අදාළ පෝස්ටරය තුල සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට තරම් නීති විරෝධී හෝ රාජ්‍ය විරෝධී කරුණු කිසිවක් අන්තර්ගත නොවන බවයි.
තීන්දුව පිළිබඳව අදහස් දැක්වූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ මෙම තීන්දුව තුලින් වත්මන් රජයද ආදර්ශයක් ගත යුතු බවයි.
‘පසුගිය රජය දියත් කල මාධ්‍ය මර්දනයට එරෙහිව අපි ක්‍රියා කළා. අද හොඳ තීන්දුවක් ලැබී තිබෙනවා, වත්මන් රජයද මින් ආදර්ශයක් ගෙන ක්‍රියා කළ යුතුයි.’ ඔහු පැවසීය.




