මරණ දඬුවමට එරෙහිව 'ජනමතයක් ගොඩ නගමු'

ඡායාරූප මූලාශ්‍රය, AP
ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනමතයක් ගොඩනැගීම සිය වගකීම බව සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.
<link type="page"><caption> රයිට්ස් නව් සංවිධානයේ</caption><url href="http://www.rightsnow.net/" platform="highweb"/></link> නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඒ බව කියාසිටියේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාවට නගන බවට <itemMeta>sinhala/sri_lanka/2015/09/150918_sp_president_death_penalty</itemMeta> පසුගිය සිකුරාදා ගාල්ලේ දී කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන අතරවාරයේ, ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
'පරස්පරයක්'
බොහෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කරුණු අරභයා ආණ්ඩුව තුලම පරස්පරයක් පවතින බව නීතිවේදී සුදර්ශන ගුණවර්ධන පිළිගත්තේය.
"ඒ පරස්පරය ආණ්ඩුවේ පරස්පරයකට වඩා මම දකින්නේ, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් සහ ශ්‍රී ලංකාවේ මහජන මතය අතර තියන පරස්පරයක් හැටියට," ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා තිබෙන්නේ දූෂණය කර මරා දැමීමෙන් අනතුරුව මතු වූ මහජන උද්ඝෝෂණවලට බව පෙන්වා දෙන ඔහු, ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඇති බහුතරය මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සහාය පළ කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙන බවත් සඳහන් කළේය.
කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ විදේශ අමාත්‍යවරයා දී තිබෙන ප්‍රතිඥාව 'අව්‍යාජ එකක්ය' යන්න සිය අදහස බවත් මානව හිමිකම් පිළිබඳ නීතිවේදියා පැවසීය.
"නමුත් අපිට තිබෙන අභියෝගය වන්නේ, මහජන මතය එයට එරෙහිව තිබෙන තත්වයක් යටතේදි දේශපාලනඥයන්ට බැන අඬගැසීම වෙනුවට මහජන මතය වෙනස් කිරීම සඳහා මැදිහත් වී ක්‍රියා කිරීමයි," නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.
"අපි හිතනවා ඒකෙදි අපට වගකීමක් තියනවා කියල."








