පැරදුනු මන්ත්‍රීවරු පිරිසක් සන්ධාන ලැයිස්තුවෙන්

එස්බී දිසානායක හිටපු අමාත්‍යවරයා මෑතදී ශ්‍රීලනිප භාණ්ඩාගාරික පදවියටද පත් කෙරිණ
ඡායාරූප ශීර්ෂ වැකිය, එස්බී දිසානායක හිටපු අමාත්‍යවරයා මෑතදී ශ්‍රීලනිප භාණ්ඩාගාරික පදවියටද පත් කෙරිණ

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරඟ කොට පරාජය වූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට තිබේ.

විජිත් විජයමුණි සොයිසා, එස්බී දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අන්ජගන් රාමනාදන්, එම්එල්ඒඑම් හිස්බුල්ලා, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාෆා, ඒඑච්එම් ෆවුසි, සරත් අමුණුගම සහ ඩිලාන් පෙරේරා සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් නම් කොට තිබේ.

ජනාධිපතිවරයා සමඟ විපක්ෂට එක් වූ නන්දිමිත්‍ර ඒකනායක හිටපු අමාත්‍යවරයාද පත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරිණ

ඡායාරූප මූලාශ්‍රය, nandimithraekanayake.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයා සමඟ විපක්ෂට එක් වූ නන්දිමිත්‍ර ඒකනායක හිටපු අමාත්‍යවරයාද පත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරිණ

ජනපතිවරණයෙන් අනතුරුව තමන්ට සහාය දැක්වූ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශාල පිරිසක් පරාජයට පත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අවධානය පළ වී තිබූ අතර ඔවුන් බොහෝ දෙනා ජාතික ලැයිස්තුවෙන් පත් කර යැවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි පෙනීයන්නේ.

ජනපතිවරණය ආසන්නයේදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන සමඟ විපක්ෂයට එක් වූ නන්දිමිත්‍ර ඒකනායක හිටපු අමාත්‍යවරයාද ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙනු ඇති බවයි මීට ඉහතදී වාර්තා වී තිබුණේ.

මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහි යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දුන් මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාගේ පරාජයද අවධානයට ලක්විය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහි යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දුන් මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාගේ පරාජයද අවධානයට ලක්විය

ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාද ලැයිස්තුවට ඇතුලත් වන අතරවාරයේ, ජීඑල් පීරිස් සහ තිස්ස අත්තනායක හිටපු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක එයට ඇතුලත් නොවීම කැපී පෙනෙන්නක්.

කලක් මුළුල්ලේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර හිටපු අමාත්‍යවරුන්ටද මන්ත්‍රී පදවි අහිමි වී තිබේ.

ඩිලාන් පෙරේරා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි විවේචනයට ලක් කළ මන්ත්‍රීවරයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිලාන් පෙරේරා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි විවේචනයට ලක් කළ මන්ත්‍රීවරයෙක්

ශ්‍රී රංගා, ටිරාන් අලස්, ජීවන් කුමාරතුංග, රජීව විජේසිංහ සහ රෙජිනෝල්ඩ් කුරේ යන හිටපු මන්ත්‍රීවරුන්ගේ නම්ද සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුලත්ව තිබුණි.

මහින්ද සමරසිංහ, රෝසි සේනානායක සහ සුනිල් හඳුන්නෙත්ති වැනි හිටපු මන්ත්‍රීවරුන් පරාජයට පත්වීම පිළිබඳව <link type="page"><caption> සමාජ මාධ්‍ය ජාල ඔස්සේ</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150819_sp_prominent_losers" platform="highweb"/></link> ප්‍රබල කනස්සල්ල පළ වෙමින් තිබුණි.

හිටපු විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ජාතික ලැයිස්තුවෙන් නම් කොට නැත

ඡායාරූප මූලාශ්‍රය, webtv.un.org

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ජාතික ලැයිස්තුවෙන් නම් කොට නැත

ඒ අතරම මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

"ජාතික ලැයිස්තුව ජනතා පරමාධිපත්‍ය බලය හැල්ලුවට ලක්කිරිම අනුමත කල නොහැක්කකි, කරුණාකර ජනතා පරමාධිපත්‍යට ගරු කරන්න," යන්න <link type="page"><caption> ට්විටර් ජාලයේ</caption><url href="https://twitter.com/" platform="highweb"/></link> පළ වී තිබුණු එක් විරෝධතා සටහනක්.