'මැතිවරණ පෝස්ටරයට අපලයි'

ප්‍රධාන නගරවල මැතිවරණ පෝස්ටර් අලවනවාට වඩා වැඩි වේගයකින් ඒවා ගැලවීමට පොලීසිය කටයුතු කරමින් සිටීම මැතිවරණ නිරීක්ෂකයින්,ඡන්ද අපේක්ෂකයින් මෙන්ම පෝස්ටර් අලවන්නන් කියා සිටිති.

කැෆේ මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටින්නේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයින්ට තමන්ගේ ඡායාරූපය සහ අංකය ඇතුළත් පෝස්ටර් සහ කට් අවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ අවස්ථා තුනකදී පමණක් වන බවයි.

rajith_cafe

ඡායාරූප මූලාශ්‍රය, rajith keerthi thennakoon

ඡායාරූප ශීර්ෂ වැකිය, රජිත් කීර්ති තෙන්නකෝන්

“අපේක්ෂකයා ගමන්කරන වාහනය,රැස්වීම් පවත්වන ස්ථානය සහ පක්ෂ කාර්යාලය ඇතලත පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න පුල්වන් ඒ හැරෙන්නට වෙනත් ස්ථාන වල පෝස්ටර් ඇලවීම තහනම්”යැයි රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

මේ තහනම කලාන්තරයක් තිස්සේ නීති පොතට ඇතුල්ව තිබුනත් පොලිසිය නීතිය දැඩිව ක්‍රියාත්මක නොකළ හෙයින් තමන්ට මැතිවරණ පෝස්ටර් අලවා ජීවිකා වෘත්තිය කරගෙන යෑමේ ඉඩක් තිබුන බව කොන්ත්‍රාත් ක්‍රමයට කොළඹ නගරයේ පෝස්ටර් අලවන සංජීව මලවිආරච්චි කියා සිටී.

පෝස්ටර් අලවන කණ්ඩායම්

‘ඉස්සරත් අත්අඩංගුවට ගත්තා,උසාවි දැම්මා දඩ ගැහුවා එත් එක දරා ගන්න පුළුවන් වුනා එත් දැන් කොහොමත් පෝස්ටර් අලවන්න බැරි තත්වයක් ඇතිවෙලා” යැයි සංජීව මලවිවිආරච්චි පැවසීය.

කොළඹ නගරයේ පෝස්ටර් අලවන කණ්ඩායම් ගණනාවක්ම ක්‍රියාත්මක වෙන අතර මේ කණ්ඩායම් වලට මෙන්ම මැතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන පිරිස් වලටත් දුෂ්කර සමයක් එළඹ ඇති බවයි සංජීව මලවිආරච්චි කියා සිටින්නේ.

postersin sdrilanka
ඡායාරූප ශීර්ෂ වැකිය, සේයාරුව ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න

පෝස්ටර් තහනම දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් තමන්ගේ මැතිවරණ අංකය ඡන්දදායකයින් වෙත ප්‍රමාණවත් ලෙස ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙන බව පක්ෂ නායක රැස්වීමේදී කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සඳහා විකල්ප අවස්ථා කීපයක් ලබාදීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව එකඟ වූ බව රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

අත්පත්‍රිකා බෙදීමට ඉඩදීම,අතුරු මාවත්වල පෝස්ටර් නොගැලවීම,අතිරේක කාර්යාල පිහිටුවීමට ඉඩදීම,නොමිලේ තැපෑල භවිතා කිරීමට ඉඩ දීම වැනි විකල්ප ප්‍රවර්ධන අවස්ථාව ලබා ඇති අතර පොලීසිය ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් පහළ බස ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් තර්ක කරයි.