ශිරන්ති රාජපක්ෂ 'මූල්‍යය අපරාධ කොට්ඨාශය හමුවට'

ඡායාරූප මූලාශ්‍රය, Getty

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුව දේශපාලන පිළිගැනීමක් වශයෙන් සිය පවුලේ සාමාජිකයන් පීඩාවට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ ‘ට්වීටර්’ පණිවුඩයක සඳහන්.

කිසිදා දේශපාලනයට සම්බන්ධ නොවුණු සිය මව මේලෙස පීඩාවට ලක් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ 'ට්වීටර්' පණිවුඩය

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ 'ට්වීටර්' පණිවුඩය

හිටපු ජනපතිගේ ආර්යාවට මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇත්තේ කුමන කරුණක් මත දැයි යන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් කර නොමැත.

‘සිරිලිය’ ගිණුමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට එරෙහිව මීට පෙර චෝදනා එල්ල විය.