සාම්පූර් නාවික කඳවුර ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, bb

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් වාණිජමය ව්‍යාපෘති සඳහා සාම්පූර් ප්‍රදේශයේ වෙන් කර තිබූ ඉඩම් පිළිබඳ ගිවිසුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අවලංගු කර තිබේ.

ත්‍රස්තවාදය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙම ඉඩම් යොදා ගැනීමට කටයුතු යොදන බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

සාම්පූර් ප්‍රදේශයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ව තිබූ ඉඩම් පුනරුත්ථාපන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ බ්‍රහස්පතින්දා අත්සන් තබන ලදී.

ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත සාම්පුර් වැසියෝ

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත සාම්පුර් වැසියෝ

පවුල් 825 ක් සාම්පුර් ප්‍රදේශයේ වසර දහයක් පුරා ඉතාමත්ම දුෂ්කර තත්වයන් යටතේ මෙතෙක් ජීවත් වූහ.

අක්කර 237ක බිම් ප්‍රමාණයක ඉදි කර තිබෙන සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුර ත්‍රිකුණාමල වරායට සමීප අක්කර 180 ක බිමක නැවත ස්ථානගත කිරීමට යෝජිතයි.

අලුතින් ඉදි කෙරෙන සියලු නවීන පහසුකම්වලින් සමන්විත නාවික හමුදා පුහුණු කඳවුර සඳහා රුපියල් මිලියන 200 පමණ වෙන් කොට ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.