'බැසිල් ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක් ගන්නවා'

මූල්‍ය වංචා චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී යි.
මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ රජයට එය කළ හැකි බවයි.
‘ආණ්ඩුවට පුළුවන් ඒක කරන්න. ඒක ආණ්ඩුවේ වැඩක්’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය.
මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා බීබීසීය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතූ නමුත් ඔහු ප්‍රතිචාරයක් පළ කළේ නැත.
දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ මූල්‍ය අක්‍රමිකතා සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
බැසිල් රාජපක්ෂ ඉකුත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහුට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක් ද පසුගිය දා අනුමත කර තිබුණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට වියට්නාමය බලා ගොස් ඇති බව පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.








