ඕස්ට්‍රේලියාව නිහඬව සිටියේ 'සම්මුතියක් නිසා'

ඡායාරූප මූලාශ්‍රය, AFP
නීති විරෝධී ලෙසින් සිය රටට ඇතුළුවීමට තැත්කළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් මැඩලීමේ ක්‍රියාදාමය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට ප්‍රතිචාරයක් වශයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ඕස්ට්‍රේලියාව එකඟ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
අගමැතිවරයා ඒ බව සඳහන් කොට තිබුණේ <link type="page"><caption> The Australian පුවත්පත</caption><url href="http://www.theaustralian.com.au/" platform="highweb"/></link> සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
"මානව හිමිකම් උල්ලංඝනය වෙන කොට, ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වෙන කොට ඔය රටවල් නිශ්ශබ්දව හිටියා. (එතකොට) ඒක ලංකාවේ ප්‍රශ්නයක්."
'සම්බන්ධතා ශක්තිමත්'
පසුගිය ආණ්ඩුවේ සාමාජිකයන් මුලින් මිනිස් ජාවාරමට කෙලින්ම සම්බන්ධව සිටි නමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය විවේචනය නොකරන බවට ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක් ලැබීමෙන් අනතුරුව එය අත්හැර දැමූ බවයි අගමැතිවරයා පුවත්පතට පවසා තිබුණේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
තමන් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට විරුද්ධ නැති බව සඳහන් කරන අගමැති රනිල් වික්‍රමසිංහ, එහෙත් ඕස්ට්‍රේලියාව ඇතුළු මහින්ද රාජපක්ෂ පරිපාලනයට සහාය දුන් රටවල් සිය අත්දැකීමෙන් පාඩම් උගත යුතු බව සිය මතය යයිද සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සමඟ සිය සම්බන්ධතා දිගටම ශක්තිමත්ව පවතින බව, ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කොට තිබුණි.
"පොදුරාජ්‍ය මණ්ඩලය සහ මිනිස් ජාවාරම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර නිරන්තර සහයෝගය පවත්වා ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ප්‍රකාශකයා සඳහන් කළ බවයි, ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.




