ශ්‍රී ලංකාවට දීප්තිමත් මොහොතක් - ජෝන් කෙරී

ශ්‍රී ලංකාවට 'දීප්තිමත් මොහොතක්': ජෝන් කෙරී. එක්සත් ජනපදය තවදුරටත් 'තර්ජනයක් නොවේ': මංගල සමරවීර.

ඡායාරූප මූලාශ්‍රය, AFP GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට 'දීප්තිමත් මොහොතක්': ජෝන් කෙරී. එක්සත් ජනපදය තවදුරටත් 'තර්ජනයක් නොවේ': මංගල සමරවීර.

ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවේ සියලු මිතුරන්ටත් මේ මොහොතේ ගතවෙමින් තිබෙන්නේ 'දීප්තිමත් මොහොතක්' බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

<link type="page"><caption> ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා</caption><url href="http://iipdigital.usembassy.gov/st/english/texttrans/2015/02/20150212313566.html?CP.rss=true#axzz3Rc14MkSi" platform="highweb"/></link> ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

ජනවාරි 08 වැනි දින පැවැත්වුණ ජනපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් වෙනසක් උදෙසා සිය ඡන්දය භාවිත කොට තිබෙන බව සඳහන් කළ රාජ්‍ය ලේකම්වරයා, එය විග්‍රහ කළේ ශ්‍රී ලංකාව නව දිශානතියකට යොමු කිරීම උදෙසා ලබා දී තිබෙන වරමක් ලෙසින්.

'නව දිශානතියකට'

නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන පිළිබඳව තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව පැවසූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එම වැඩසටහන ඇතුළු නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක වනු ඇතැයි තමන් සුභ පතන බවද පැවසීය.

තරමක් දුරට බිඳ වැටී තිබුණු ද්විපාර්ශවික සම්බන්ධතා තරකිරීම උදෙසා කටයුතු කිරීම සිය වගකීමය යන්න සිය විශ්වාසය බවයි, විදේශ අමාත්‍ය මංගල සමරවීර එහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවට ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා විවර කරන මිතුරකු විනා 'තර්ජනයක් නොවන' බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුව බලයට පත්වී පළමු සති කිහිපය ඇතුලත ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ආරාධනා කරනු ඇතැයි අපේක්ෂිතයි.