කහවත්තේ මැතිවරණ ගොදුර ශාන්ත දොඩන්ගොඩ

ඡායාරූප මූලාශ්‍රය, AFP
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කහවත්ත, බිංගිරිය ශාන්ත දොඩන්ගොඩ රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි.
47 හැවිරිදි ඔහු දෙදරු පියෙකි.
මිය යන තුරුම ශාන්ත දොඩන්ගොඩ රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
ඉකුත් 5 වැනිදා අලුයම දෙකට පමණ කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩන්ගොඩ සහ තවත් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු අතර එම දෙදෙනාත් තවමත් රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති.

ඡායාරූප මූලාශ්‍රය, powermin.gov.lk
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා විසින් නියෝග කෙරිණ.
කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට සඳුදා අලුයම වෙඩි තබා තුවාල සිදු කළ බවට ලැබුණු පොලිස් පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.




