මෛත්‍රී මහනුවර

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මහනුවරට ගොස් ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගත්තේය.

ඉන් අනතුරුව මහ නාහිමිවරුන් හමු වීම සඳහා මල්වතු අස්ගිරි විහාරස්ථානවලට පැමිණියේය.

මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී දළඳා මාලිගාව වන්දනා කිරීමෙන් පසු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ආශීර්වාද ලබා ගැනීම සඳහා හින්දු සහ මුස්ලිම් දේවස්ථාන කරා ගොස් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු විපක්ෂයට එක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම ගමනට සහභාගී සිටියහ.