එජාප ආධාරකරුවන්ට වෙඩි ප්රහාර

පුත්තලම දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනකුගේ නිවෙස් වලට ඉරිදා උදෑසන වෙඩි ප්රහාර එල්ල වේ.
මාදම්පේ පිහිටි තම නිවසට ඉරිදා අලුයම අවස්ථා දෙකක දී වෙඩි ප්රහාර එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂ ක්රියාකාරියෙක් වන මිල්ටන් සුබසිංහ පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව ප්රකාශයට පත් වීමත් සමග මිල්ටන් සුබසිංහ ඇතුළු පිරිසක් ඊට සතුට ප්රකාශ කරමින් රතිඤ්ඤා දල්වමින් ප්රීතිය පළ කර තිබේ.
වෙඩි ප්රහාර වලින් කිසිවෙක් තුවාල ලබා නොමැති බවයි ප්රසාද් පූර්ණිමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේ.
වෙඩි ප්රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.




