හදිසි ජනපතිවරණයකට ශ්‍රීලනිප එකඟත්වය

ඡායාරූප මූලාශ්‍රය, Getty
නියමිත කාලයට වසර දෙකකට පෙර ලබන ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මින් මොහොතකට පෙර අනුමැතිය පළ කළ බව කැබිනට් අමාත්‍යවරයෙක් බීබීසී සංදේශයට පැවසීය.
බදාදා රාත්‍රියේ ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම මුලින් උණුසුම් මුහුණුවරක් ගත් නමුත් පැය කිහිපයක් මුළුල්ලේ පැවැත්වුණු සාකච්ඡාව සාමකාමීව නිමා වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරයා විසින් ජනපතිවරණය කැඳවනු ලබන බව ප්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබේ.
ජනවාරි 03 වැනි දින හෝ 07 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත නමුත් දෙසැම්බර් මස දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් ජනවාරි 03 වැනි දින මැතිවරණය පැවැත්වීම ඉතා දුෂ්කර බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙන බවත් සංදේශයට සැලවේ.
මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වෙනි වරටත් ජනපති පදවියට ඉදිරිපත් වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබෙන අතර ඒ සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් සිය අපේක්ෂකයා කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂය හෝ පොදු විපක්ෂ සන්ධානය තවමත් තීරණය කොට නොමැත.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන නම් අතරට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ නම අලුතින්ම එක් වී තිබේ. <link type="page"><caption> ඩේලිමිරර් පත්‍රයේ</caption><url href="http://www.dailymirror.lk/56849/ndidate-maithripala-asked" platform="highweb"/></link> වාර්තාකරුවකු ඒ පිළිබඳව විමසූ විට සිනහසීම හැර අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් දී නැත.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ගේ නම් පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන බව මීට ඉහතදී ප්‍රකාශයට පත් වී තිබුණි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




