කොමියුනිස්ට් පක්ෂය 'ඇත්ත' තහනම් කරයි

ඡායාරූප මූලාශ්‍රය, ATHTHA
සිකුරාදා වෙළඳපොළට නිකුත්වීමට නියමිතව තිබුණු 'ඇත්ත' පුවත්පත බෙදා හැරීමට ඉඩ නොදී, පුවත්පත් කාර්යාලයට සීල් තැබීමට කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් කටයුතු කොට තිබේ.
එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතු යයි ලංකා සමසමාජ පක්ෂය විසින් තීන්දු කළ බවට පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ විසින් කරන ලද ප්‍රකාශයක් සහ එම ප්‍රකාශය දැඩිව විවේචනය කරමින් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු විසින් ලියන ලද ලිපියක් එකම පිටුවේ පළ කිරීම පුවත්පතට සීල් තැබීමට හේතුව බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සංදේශයට පැවසූහ.
ඇත්ත පුවත්පතේ ක්‍රියාකලාපය පිළිබඳව කෝපයට පත් පක්ෂ නායකත්වය විසිනුයි, මුද්‍රණාලයට සීල් තබා ඉරිදා පුවත්පත වෙළඳපොළට නිකුත්වීම වලක්වනු ලැබ තිබෙන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය නොදිය යුතු බවට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් අවධාරණය කිරීම හමුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් මතු වී තිබෙන බවත් බීබීසී සංදේශයට වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති නීතිඥ රාජා කොල්ලුරේ 'ඇත්ත' පුවත්පත බෙදා හරිනු ලැබීම නතර කර ඇති බව පිළිගත් නමුත් නිල ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා විමසන ලෙසයි.
'මුද්‍රණාලය කැඩිලා'
බීබීසී සංදේශය,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඇමතිවරයාට ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ 'ඇත්ත' මුද්‍රණාලය කැඩී ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා උස්වැටකෙය්යාව බීබීසිය සමඟ අදහස් දක්වමින්, විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් 'ඇත්ත'පුවත්පත සහ පක්ෂය අතර මත ගැටුම මුද්‍රණය කරන ලද පුවත්පත් බෙදා හරිනු ලැබීම වලක්වා ලීමට හේතු වී ඇති බවයි සඳහන් කළේ.
ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කළ යුතු බව අමාත්‍ය ඩිව් ගුණසේකර සහ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ඇතුළු කණ්ඩායමක යෝජනාව වී තිබෙන බවයි,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සංදේශයට ප්‍රකාශ කළේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සන්ධානයේ සාමාජික පක්ෂ අතර මෙන්ම විරුද්ධ පක්ෂයේද මතභේද හට ගෙන තිබේ.
ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට අමාත්‍ය තිස්ස විතාරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් තීන්දුවක් ගත් බව පවසන ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක්, තමන් එම තීන්දුවට එරෙහිව ක්‍රියාකරන බව පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ <itemMeta>sinhala/sri_lanka/2014/10/141014_rathana_thero_presidency_video</itemMeta>පවසද්දී, පක්ෂයේ නායක <link type="page"><caption> ඕමල්පේ සෝභිත හිමියන්</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141105_omalpe_sobhitha_" platform="highweb"/></link> සංදේශයට කියා සිටියේ ජනාධිපති පදවියට සුදුසුම තැනැත්තා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.
පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතුද නොඑසේනම් වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දිය යුතුද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේද මතභේද හටගෙන තිබේ.
කැඳවීමට යන ජනාධිපතිවරණය නීති විරෝධී බවයි, ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වී තිබෙන්නේ.








