මාලක සමඟ පැමිණි අය ගැන සෝදිසි -පොලිසිය

ඡායාරූප මූලාශ්‍රය, MALAKA SILVA
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දෙනු ලැබූ බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පසුගිය සෙනසුරාදා පහර දීම සිදු වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී.
මෙහිදී අගතියට පත් පාර්ශවය ලෙස හතළිස් තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය හඳුනා ගෙන ඇති බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටින්නේ.
මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මාලක සිල්වා සමඟ මෙම රාත්‍රි සමාජ ශාලාවට පැමිණි තවත් පිරිසක් ඉහත කී පහර දීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.
ඉහත කී රාත්‍රි සමාජ ශාලාවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියෙන් ලබා ගත් වීඩියෝ දර්ශන ද පොලිස් විමර්ශන සඳහා යොදා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.




