ශ්‍රී ලංකාවට ට රිදී පදක්කමක්

සුදේශ් පීරිස් සිය රිදී පදක්කම සමඟ.

ඡායාරූප මූලාශ්‍රය, SL mirror

ඡායාරූප ශීර්ෂ වැකිය, සුදේශ් පීරිස් සිය රිදී පදක්කම සමඟ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුදේශ් පිරිස් සමත්විය.

මෙය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කමයි.

සුදේශ් මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ආරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ඔහු විසිනි.

සුදේශ් පීරිස් 2010 වසරේ දී නව දිල්ලි නුවර පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද කි. ග්‍රෑම්. 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය