පාප් වහන්සේට 'කැමරන් ගත් මඟ ගත හැකියි'

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවට දෙමළ ඩයස්පෝරා නායකයන් කරන යෝජනාවට හිටපු නෝර්වීජියානු සාම නියෝජිතයා විරෝධය පළ කොට තිබේ.
ඒ වෙනුවට පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කොට අවධානය පළ කළ යුතු කරුණු තිබේ නම් ශ්‍රී ලංකාවේදීම ඒවා පෙන්වා දිය යුතු බවයි, එරික් සොල්හයිම් පවසන්නේ.
ලබන ජනවාරි මාසයේ 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය නිවේදනය කොට තිබේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පෑමක් ලෙසින් පාප් වහන්සේ එම සංචාරය අවලංගු කළ යුතු නොවන්නේ දැයි ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රශ්න කොට තිබුණි.
පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ක්‍රියා කළ ආකාරයට, පාප් වහන්සේට ද ක්‍රියා කළ හැකි බවයි එරික් සොල්හයිම් <link type="page"><caption> ට්විටර් පණිවුඩයක් මගින්</caption><url href="https://twitter.com/SolheimDAC" platform="highweb"/></link> එයට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කරන්නේ.




