මුස්ලිම් හිංසනයට එරෙහිව රට පුරා හර්තාල්

මුස්ලිම් වැසියන්ට සිදු වූ හිංසාකාරී තත්ත්වයට විරෝධය දැක්වීම පිණිස දිවයිනේ ප්‍රදේශ කීපයක හර්තාල් ව්‍යාපාර දියත් කර ඇත.
දහනව වෙනිදා අලුත්ගම දර්ගා නගරය, කොළඹ, ගාල්ල, වවුනියාව, පුත්තලම සහ වව්නියාව යන ප්‍රදේශ වල හර්තාල් ව්‍යාපාර දියත් කොට තිබීම හේතුවෙන් මුස්ලිම් වෙළෙඳ සැල් වසා දමා ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ කොළඹ ඇතුළුව බස්නාහිර පළාතේ ස්ථාන කීපයක දියත් කළ හර්තාලය සාර්ථක වූ බවයි.
වවුනියවේ හර්තාලයට මුස්ලිම් වැසියන් මෙන් ම දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ද සහාය ලැබුණු බව වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෞලවි මොහොමඩ් නාජිත් පැවසීය.
බීබීසී වාර්තා කරු දිනසේන රතුගමගේ සංදේශයට කියා සිටියේ හර්තාල් ව්‍යාපාරය ඉතා සාමකාමී අන්දමට පැවැති හෙයින් එම ප්‍රදේශ වල වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් එල්ල වී නොතිබුණු බවත් නගර ආශ්‍රිතව විශේෂ පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව දැඩි කොට තිබෙන අයුරු දක්නට ලැබුණ බවයි.




