කෞශාල් ලොකුආරච්චිට ක්‍රිකට් තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි හට ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසට මාස දහ අටක තහනමක් පනවා තිබේ.
මෙම තහනම පනවා ඇත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ කණ්ඩායම් විසින් තමන් හමු වීමට උත්සාහ කළ බව බලධාරීන්ට දැනුම් නොදීමේ වරදටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චිට මේ තහනම පනවන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පත් කරන ලද විනිශ්චය සභාවක් මගින්.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම විනිශ්චය සභාව පත් කරන ලදී.
එම චෝදනාව යටතේම විනිශ්චය සභාව මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු ලූ වින්සන්ටද වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා ඇත.




