ජනාධිපති බේරුවල ජනතාව හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

අලුත්ගම සහ ඒ අවට ඇති වූ ගැටුම්කාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටියි.

ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා, මුස්ලිම් පුජකවරු ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් එක්ව ඇති වී තිබෙන තත්වය පිළිබඳ ජනාධිපතිවරයා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි බීබීසී වාර්තාකරු අසාම් අමීන් සංදේශයට පැවසුවේ.

රජය නියෝජනය කරමින් අමාත්‍ය මර්වින් සිල්වා ද සාකච්ඡාව සඳහා එක් වී ඇති බව ද සඳහන්.