මුහුදු කොල්ලකරුවන් අත සිටි ලාංකික නැවියන්ට නිදහස

ඡායාරූප මූලාශ්‍රය, AP
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අවුරුදු තුනක පමණ කාලයක් ප්‍රාණ ඇපකරුවන් හැටියට රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු නැවියන් එකොළොස් දෙනකු මුදා හරින ලද බව වාර්තා වෙයි.
සිකුරාදා සෝමාලියාවේ ‘ගිලියාකිනි’ නම් ප්‍රදේශයේ දී මුදා හරින ලද නැවියන් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් කෙන්යාව කරා කැටුව එමින් තිබියදීයි, බීබීසී සංදේශයට එම පුවත වාර්තා වුණේ.
ගුවනින් කෙන්යාවට
නිදහස ලද නැවියන් පිරිස පිළිගැනීමට කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපොළට ගොස් සිටි බංග්ලාදේශ තානාපති නිලධාරී චිරන්ජිව් සර්කාර් බීබීසී ‘බෙන්ගෝලි’ භාෂා අංශයට අදහස් දක්වමින් කියා සිටියේ නැවියන් කණ්ඩායම ඔහු අදහස් දක්වන මොහොතේ ගුවන් මගින් කෙන්යාව බලා ගමන් ගනිමින් සිටි බවයි.
නිදහස් කරනු ලැබ ඇති කණ්ඩායමට බංග්ලාදේශ් ජාතිකයන් හත් දෙනකු ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඉන්දියානුවකු සහ ඉරාන් ජාතිකයෙකු ඇතුළත් වෙන බවයි, බංග්ලාදේශ තානාපති නිලධාරී චිරන්ජිව් සර්කාර් වැඩිදුරටත් සඳහන් කළේ.




