මහ වැසි නිසා තවත් ජීවිත හානි

කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්වය දැඩි ලෙස බලපා ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්වය දැඩි ලෙස බලපා ඇත

ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඇති වූ අනතුරුවලින් මේ වන විට මිය ගිය සංඛ්‍යාව විසි දෙක දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් කිහිප දෙනෙකුම මිය ගොස් ඇත්තේ තම නිවෙස් කඩා වැටීම නිසා ඇති වූ අනතුරුවලින්.

කිහිප දෙනෙකුම මිය ගොස් ඇත්තේ තම නිවෙස් කඩා වැටීම නිසා
ඡායාරූප ශීර්ෂ වැකිය, කිහිප දෙනෙකුම මිය ගොස් ඇත්තේ තම නිවෙස් කඩා වැටීම නිසා

ජල ගැලීම් හා නායයෑම් තවත් මරණ බොහොමයකට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

විපතට පත් පිරිස් වලට සහන සැලසීමට ගුවන් හමුදා සහය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ.

කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්වය දැඩි ලෙස බලපා ඇති අතර ඉදිරියටත් ධාරානිපාත වැසි ඇති විය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියේය.

නාය යාමට ලක් විය හැකි ස්ථානවල සහ ගංගා ආශ්‍රිතව ජීවත් වන අයට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට හෝ පරීක්ෂාකාරී වන ලෙසට අවවාද කර තිබේ.

මීට සති කිහිපයකට පෙර දැඩි නියඟයකට මුහුණ දී තිබුණු ඇතැම් ප්‍රදේශවලටද හිටි හැටියේ මහ වැසි ඇද වැටීම නිසා එම පෙදෙස්වල කෙරුණු වගාවන් විනාශ වී ඇත.