ජාතික නිදහස් පෙරමුණෙන් ආණ්ඩුවට කොන්දේසි

'ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය වහාම නතර කළ යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, NFF

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය වහාම නතර කළ යුතුයි'

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව වෙත <link type="page"><caption> දොළොස් වැදෑරුම් යෝජනාවලියක්</caption><url href="http://lankacnews.com/sinhala/main-news/115085/" platform="highweb"/></link> ඉදිරිපත් කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, සිය යෝජනා ක්‍රියාත්මක කිරීම මත තමන් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම තීරණය කරන බව සඳහන් කරයි.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ඡා නොකළ යුතු බව සහ ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට දකුණු අප්‍රිකාව හෝ වෙනත් රටකට අවස්තාව සලසා නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ එක් කොන්දේසියක්.

විශේෂයෙන්ම දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමඟ ආණ්ඩුව සාකච්ඡා නොකළ යුතු බවයි, කොළඹදී පැවැත්වුන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනයේදී සම්මත වූ යෝජනාවලියේ දැක්වෙන්නේ.

'මූලධර්මවාදී සංවිධාන'

චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබිය යුතු බව තවත් යෝජනාවක්.

චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට 'අත්සන් තැබිය යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, NFF

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට 'අත්සන් තැබිය යුතුයි'

"ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය" වහාම නතර කළ යුතු බවටද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට යෝජනා කරයි.

බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව පදනම් කර ගෙන ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවත්, බෙදුම්වාදී මතවාද පතුරවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියල්ලන්ට එරෙහිව පියවර ගත යුතු බවත් යෝජනා මාලාවට ඇතුළත්.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මණ්ඩලීය යුතු බවද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.