මැතිවරණය සාධාරණ නම් ජනතාව පිළිතුරු දීමට සුදානම් - කරු

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි රැළිය අද බ්‍රහස්පතින්දා අම්පාර නගරයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පස්වරු 3.10 ට පමණ මැයි පෙළපාලිය අම්පාර බ්‍රවුන් හන්දියෙන් ඇරඹිණි.
ඉන් අනතුරුව අම්පාර ත්‍රී රෝද රථ ගාලේ දී රැළිය ආරම්භ විය.
රජය සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතාව රජයට පිළිතුරු දීමට සුදානම් බව පැවසූ කරු ජයසුරිය සංවර්ධනය මුවාවෙන් විශාල වශයෙන් වංචා හා දුෂණ රට තුළ සිදුවන බවද සඳහන් කළේය.
තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
නායකත්ව මණ්ඩලය නිසා එක්සත් ජාතික පක්ෂය අද නව මාවතකට පිවිස ඇති බවද ඔහු සඳහන් කළේය.
තිස්ස අත්තනායක, දයා ගමගේ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් මෙම රැළියේදී ජනතාව ඇමතූහ.




