සංහිඳියා පිළිවෙත විමසන්නට නිමල් දකුණු අප්‍රිකාවට

ජේකබ් සූමා සහ මහින්ද රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, president.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේකබ් සූමා සහ මහින්ද රාජපක්ෂ

වර්ණභේද වාදී පාලනය හමාර කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කැරුණු සංහිඳියා පිළිවෙතේ ආකෘතිය සංහිඳියා පිළිවෙතට ආදේශ කළ හැකි දැයි විමසා බැලීමට මුල් පෙළේ දූත මණ්ඩලයක් දකුණු අප්‍රිකාව බලා ගොස් තිබේ.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ නායකත්වයෙන් සැදුම් ලත් පාලක පක්ෂ කණ්ඩායම සිකුරාදා දක්වා දකුණු අප්‍රිකාවේ රැඳී සිටීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කොට තිබුනේ.

නියෝජ්‍ය දකුණු අප්‍රිකානු විදේශ කටයුතු ඇමැති ඊබ්‍රහිම් ඊබ්‍රහිම් බීබීසී යට කියා සිටියේ, සංචාරය ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව කැරෙන්නක් බවයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ නායකත්වයෙන් බිහිවුණු නව දකුණු අප්‍රිකාව “දේශපාලන ගැටළු වලට විසඳුම් සොයා ගෙන සංහිඳියාව ගොඩ නගා ගත් ආකාරය,” අධ්‍යයනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂත් දෙමළ ජාතික සන්ධානයත් කැමැත්ත දැක්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සහයෝගිතාව අවශ්‍යයි

ඊබ්‍රහිම් ඊබ්‍රහිම්

ඡායාරූප මූලාශ්‍රය, gov.za

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊබ්‍රහිම් ඊබ්‍රහිම්

දෙපාර්ශවය ම ජනාධිපති ජේකබ් සූමා හමුවේ තම අභිලාෂය පළ කොට ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙද්දී යි.

ශ්‍රී ලංකා රජයේ දූත මණ්ඩලය හමු වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයන් දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිසක් ද මුණ ගැසීමට නියමිත බවයි ඇමැති ඊබ්‍රහිම් ඊබ්‍රහිම් ඇමැති වරයා පවසන්නේ.

“ඔවුන් එන්නේ දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කළේ කොහොමද කියන අපේ අත්දැකීම බෙදා හදා ගන්න”.

කෙසේ වෙතත්, සංහිඳියාව ඇති කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේත් දෙමළ නායකත්වයේත් සහයෝගිතාව අත්‍යවශ්‍ය බව ඇමැති ඊබ්‍රහිම් ඊබ්‍රහිම් ප්‍රකාශ කළේ.

සංහිදියාව තහවුරු කර ගත් අයුරු ශ්‍රී ලංකාවේ නායකයන්ට පහදා දෙන්නට දකුණු අප්‍රිකාව සූදානම් වූ වත්, ‘රටේ දේශපාලන ප්‍රශ්න නො විසඳා හුදෙක් සංහිඳියාව පමණක් ප්‍රශ්න විසඳිය නො හැකි,’ බවයි