සිරකරුවන්ට විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙලක්

ඡායාරූප මූලාශ්‍රය, Ishara S.KODIKARA AFP Getty Images
සිරකරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි පළමු පියවර ලෙසින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ලබන මාසයේ වටරැක පාසලක් ආරම්භ කිරීමට පියවර තබා ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජීඑස් විතානගේ බීබීසී සංදේශයට කියා සිටියේය.
පළමු ව්‍යාපෘතිය වෙනුවෙන් මුලින්ම සිරකරුවන් 250 ක් තෝරා ගන්නා බව සංදේශයට කියා සිටි ලේකම්වරයා, එසේ තෝරා ගන්නා පිරිසට අට වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම සිය අරමුණ බවද පැවසීය.
ලබන මාර්තු මාසයේ අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම බලධාරීන්ගේ අපේක්ෂාවයි.
විධිමත් අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙල සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට මූලික අදියරේදී හැකියාවක් නොමැති බව පවසන බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ජීඑස් විතානගේ, මුලින්ම වයස අවුරුදු තිහ දක්වා වන සිරකරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සිය අපේක්ෂාව බවද සඳහන් කළේය.




