ඉන්දීය ධීවරයෝ පන්න ක්‍රම දෙකක් අත් හිටුවති

සාගර සම්පතට හානිකර ධීවර පන්න ක්‍රම දෙකක් වහාම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තීරණය කොට තිබේ.
හැඹිලි දැල් සහ ද්විත්ව ට්‍රෝලින් යොදා ගෙන මසුන් මැරීම නැවැත්වීමට සඳුදා තමිල්නාඩුවේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් පසු ඉන්දීය ධීවරයන් තීරණය කළ බවයි නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් බීබීසී යට කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් සාකච්ඡා වලින් අනතුරුව කියා සිටියේ ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බවයි.
ලංකා මුහුදු තීරය

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
ඉන්දීය ධීවර නායක අරුලානන්දම් ප්‍රකාශ කළේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ධීවර නියෝජිත සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ අයිතිය අහිමි කර ගනු වෙනුවට හානිකර පන්න ක්‍රම අත් හිටුවීම සුදුසු යයි තමන් විශ්වාස කරන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.
ට්‍රෝලර් දැල් ඇතුළු තහනම් දැල් පන්න අත් හිටුවීම ලාංකික ධීවරයන්ගේ දැඩි ඉල්ලීමක් වූ බව කී යූ අරුලානන්දම් ‘ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න නම් ඒ දැල් පන්න නතර කිරීම අවශ්‍ය,’ යැයි තීරණය කළ බවයි කියා සිටියේ.
අත් අඩංගුවට
“ට්‍රෝලින් දැල් පාවිච්චිය අපි වහාම මාසෙකට අත් හිටුවනවා. මේකට ලංකාවේ අය හරියට සන්තෝස වුනා,” යි ඉන්දීය ධීවර නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මේ මස මැද දී දිල්ලියේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් අනතුරුව <link type="page"><caption> ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140122_rajitha_india_fishermen.shtml" platform="highweb"/></link> ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නො කරන බවයි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




