සාගර සීමා නො කැඩීමට ‘ඉන්දීය එකඟතාවක්’

ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බව ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයෝ පවසති.
නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් මෙන් ම ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු එස් පී අන්තෝනිමුත්තු ද බීබීසී යට ප්‍රකාශ කළේ චෙන්නායි සාකච්ඡා සුහද ලෙසින් පැවති බවයි.
<link type="page"><caption> සිරගත ධීවරයන් සහ යාත්‍රා නිදහස් කිරීම</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140113_lanka_india_fishermen_released.shtml" platform="highweb"/></link> සඳහා දෙපාර්ශවයම කරන ඉල්ලීමට දෙ රටේ බලධාරීන් ගේ එකඟතාව පළ වූ බවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චෙන්නායි නුවරට ගොස් සිටින එස් පී අන්තෝනිමුත්තු බීබීසී සංදේශයට කියා සිටියේය.
නිදහස් කිරීම
බන්ධනාගාර ගත කොට සිටින ධීවරයන් සියලු දෙනා ම ‘හෙට අනිද්දා ම’ නිදහස් කැරෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා සාගර කලාපයේ නීති විරෝධී ඉන්දීය ධීවර කටයුතු නතර කිරීම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ප්‍රධාන යෝජනාවක් වන අතර, මහ මුහුදේ දී <link type="page"><caption> ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාර</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140124_fisherman_navey.shtml" platform="highweb"/></link><link type="page"><caption> </caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140124_fisherman_navey.shtml" platform="highweb"/></link> නවතා ලීම ඉන්දීය ධීවර ඉල්ලීමක්.
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මුහුදු මැද දී පහර දෙන බවට නැගුනු චෝදනා ප්‍රතික්ෂේප කළ බව ද එස් පී අන්තෝනිමුත්තු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ඉදිරි සාකච්ඡා වටයක් සඳහා ඉන්දීය ධීවර නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලද බව කී ඉන්දු ලංකා ධීවර සමිති සම්මේලනයේ ශ්‍රී ලංකා කැඳවුම්කරු ප්‍රකාශ කළේ එහි දී අදාළ බලධාරීන් සමග නාවුක හමුදාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි.
තමිල්නාඩු <link type="page"><caption> මහ ඇමැතිනිය විසින් යෝජනා කර තිබූ න්‍යාය පත්‍රය</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140126_fishermen_lanka.shtml" platform="highweb"/></link> නියෝජිතයන් ගේ සාකච්ඡා සඳහා යොදා නො ගන්නා ලද බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.








