නිදහස ලද ධීවරයන් ‘සිකුරාදා ගෙදර’

ඡායාරූප මූලාශ්‍රය, SLNavy

ඉන්දියාවෙන් නිදහස ලබා ශ්‍රී ලංකාවට ගොඩ බට ධීවරයන් ට සිකුරාදා තම නිවෙස් බලා යාමට හැකි වනු ඇති බවට ධීවර බලධාරීහු විශ්වාසය පළ කරති.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සංදේශය කළ විමසීමක දී ප්‍රකාශ කළේ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් බ්‍රහස්පතින්දා භාර දෙනු ලැබු ලාංකිකයන් පනස් දෙදෙනා යාපනය නාවුක හමුදා කඳවුරේ සිටින බවයි.

සිකුරාදා ආපසු පැමිණෙන්නේ බදාදා දිල්ලියේ පැවති ඉන්දු ලංකා ධීවර ගැටළු පිලිබඳ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා වලට පෙර හොඳ හිත පළ කරනු පිණිස ඉන්දියාව විසින් නිදහස් කැරුණු ධීවරයන් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ජයලලිතාගේ පිළිවෙත

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ ‘ආක්‍රමණ ශීලී පිළිවෙත නම්‍යශීලී කරමින්’ <link type="page"><caption> ඉන්දීය රජය ශ්‍රී ලංකාව හා සාකච්ඡාවට</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140115_lanka_delhi_rajitha.shtml" platform="highweb"/></link> එළැඹි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, SLNavy

සිව් මසක් ඉන්දීය අත් අඩංගුවේ පසු වී නිදහස් ව පැමිණ යාපනය නාවික හමුදා කඳවුරේ සිටින එක් ධීවරයෙක් ඉතා කෙටි වෙලාවකට දුරකතනයෙන් සම්බන්ධ වී සංදේශයට කියා සිටියේ මාතර, තංගල්ල, ත්‍රිකුණාමලය හා මීගමුව යන ප්‍රදේශවල අය තමන් සමග පැමිණි බවයි.

නාවික හමුදා ප්‍රකාශක කෝසල වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේ, ශ්‍රී ලංකාවෙන් නිදහස් කැරුණු ඉන්දීය ධීවරයන් පනස් එක් දෙනකු ද ඉන්දීය වෙරළාරක්ෂකයන්ට භාර දුන් බවයි.

තවත් අය හිරේ

සාගර සීමා උල්ලංඝනය කළ බවට චෝදනා නගා පෝක් සමුද්‍ර සන්ධිය දෙපස බන්ධනාගාරවල සිර ගත කොට සිටින ධීවරයන් සංඛ්‍යාව හාරසියයකට ආසන්නයි.

ඉන් 236 ක් ඉන්දීයයන්. 152 ක් ශ්‍රී ලාංකිකයන්.

මේ ඉන්දු ලංකා ධීවර දෙපිරිස ඉදිරි කාලයේ දී අදියරින් අදියරට මුදා හැරෙනු ඇති බවයි දෙ රටේ බලධාරීන් පවසන්නේ.