ටීඑන්ඒ මහ ඇමති 'ජනපති ඉදිරියේ දිවුරුම් දීමට සූදානම්'

උතුරු පළාත් සභාවේ මහ ඇමති පදවියට තේරී පත්වී සිටින හිටපු විනිසුරු සීවී විග්නේශ්වරන් ලබන ඔක්තෝබර් හත් වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ අරලියගහ මන්දිරයේදී දිවුරුම් දීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙජාස නායක ආර් සම්බන්ධන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සිකුරාදා පෙරවරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඉන් අනතුරුව උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් ලබන එකොලොස් වෙනිදා මහ ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවද සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කළේය.




