නවී පිල්ලේ උතුරේ

ශ්‍රී ලංකාවට පැමිණ සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය උතුරේ සංචාරයේ පළමු දිනයේදී රජයේ නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද මුණ ගැසුණාය.

නවී පිල්ලේ පැමිණ සිටියදී අතුරුදහන් වුවන්ගේ මෙන්ම යුද්ධයෙන් විපතට පත් වුවන්ගේ ද ඥාතීන් යාපනයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්වුහ.

අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය
ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය

අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ඇය හමුවීමට කළ උත්සාහය පොලිසිය විසින් වලකන ලදී.

යාපනයේදී දිසාපති සහ උතුරේ ආණ්ඩු කාරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මහ කොමසාරිස් වරිය හා සාකච්ඡා කළහ.

එලිලන් ගේ බිරිඳ

යාපනයේ බහුජන සංවිධාන වල නියෝජිතයන් ද නවී පිල්ලේ සමග සාකච්ඡා කළ අතර එල්ටීටීඊ යේ ත්‍රිකුණාමල දේශපාලන අංශයේ හිටපු නායක එලිලන් ගේ බිරිඳ ට ද මහ කොමසාරිස් වරිය හමුවීමේ අවස්ථාවක් ලැබී තිබේ.

කිලිනොච්චියේ ද මුලතිව් හිද අඟහරුවාදා දිනයේ සංචාරය කරන නවී පිල්ලේ බදාදා ත්‍රිකුණාමලය බලා යාමට නියමිතයි.